තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා පිල අවසන් මහා තරගයට

July 27, 2024

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද සමත් විය.

ඒ, අවසන් පූර්ව තරගයේදි පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 140ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 7ක් දැවී ලකුණු 141 රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායිකා චමරි අතපත්තු විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 63ක් රැස්කර ගත්තේ පන්දු 48ක්දීය.

t

o

p