චමරි T 20 පිටියේ තෙවැනි ශතකයත් ගනියි

July 22, 2024

2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීමට සමත් වුණි.

චමරි අතපත්තු ලකුණු 119ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් රැස් කළාය. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා මැලේසියා කාන්තා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 185කි.

t

o

p