ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සදහා මිලියන ගණනක් වටිනා ලොරි සහ කැබ් රථ 

July 23, 2024

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 383කට වඩා වටිනා අධි ශීතකරණ ලොරි රථ 10ක් සහ කැබ් රථ 21ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කෙරුණි.

ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණෙන් ජපන් රජය සහ ගැවි සීඩීඑස් ව්‍යාපෘතිය විසින් යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණයෙනුයි මෙම වාහන පරිත්‍යාග කරනලදි.

අදාළ වාහන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාරදීම වෛද්‍ය සැපයුම් අංශයේ දී සිදුකෙරුණි.

ඒ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි සහ මෙරට වැඩ බලන යුනිසෙෆ් නියෝජිත බිගෝනා අරිලානෝ මහත්මිය විසිනුයි.

t

o

p