මංගල ආසියානු කුසලානයක් ගත්ත අපේ ශූරියන්

July 28, 2024

2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.අද (28) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇති බව වාර්තා වේ.

මේ බව සඳහන් කර ඇත්තේ තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී බවට තොරතුරු වේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කළ ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය.

ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.

t

o

p