Business

වසර තුනහමාරකට පසු ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල පහළට

මෙරටට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණු බවත් වසර තුනහමාරකට පසු ගිය මාසයේ සිට ආනයන සීමා ලිහිල් කර නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි. ඒ අනුව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් Read More

එළැඹෙන කන්නයේදී වී මෙට්‍රික් ටොන් 10,000 ක්

එළැඹෙන කන්නයේදී වී මෙට්‍රික් ටොන් 10,000 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, කන්නයේ සමස්ත අස්වැන්න මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, එළැඹෙන කන්නයේ සම්පූර්ණ අස්වැන්නෙන් 5% ක් වැනි ප්‍රතිශතයක් හෝ මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේ ය.

ලෝක වෙළඳපොළේ රන් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ. රන් අවුන්සයක මිලඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ වැඩිවීමක් බවයි වාර්තා වෙන්නේ. පසුගිය මාස 06ක කාලය සැලකූ විට එය ඩොලර් 60ක පමණ වැඩිවීමක් මෙන්ම වසරක් තුළ ඩොලර් 261ක නැත්නම් 15%ක පමණ වැඩිවීමක් Read More

2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ. 2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා Read More

VAT එකතු කරන්න අලුත් ක්‍රමවේදයක් සකසන්නැයි කෝපා කමිටුවෙන් උපදෙස්

ජනතාව ගෙවනු ලබන VAT බද්ද රජයට නිසියාකාරව ලැබෙනවා ද ? යන්න තහවුරු කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. කෝපා කමිටුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කළ ප්‍රශ්න කිරීමේ දී මේ බව සඳහන් කර ඇත. වර්තමානය වනවිට VAT බද්ද සඳහා ආයතන 13,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මඟින් Read More

විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 12ක් ඇවිත්

මේ වසරේ (2023) මුල සිට ඉකුත් නොවැම්බර් 15 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදේශ සංචාරකයන් ගණන දොළොස් ලක්‍ෂය ඉක්මවා යමින් 1,200,119ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වසරේ (2023) නොවැම්බර් මස පළමු දින 15 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයන් ප්‍රමාණය 74664ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නොවැම්බර් මස පළමු දින 15දී ඉන්දීය Read More

2024 අයවැය ඉලක්ක ගැන Fitch Ratings ආයතනයෙන් අනාවැකියක්

2024 සඳහා ශ්‍රී ලංකාවේ අයවැයෙන් දක්වා ඇති ඉලක්ක, ලබන වසරේ අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන ආර්ථික ප්‍රකෘතිය සමඟ වුවද අභියෝගාත්මක වනු ඇති බව Fitch Ratings ආයතනය පවසයි. ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය පැවසුවේ, බැංකු ප්‍රාග්ධනීකරණ පිරිවැය හැරුණු විටත්, නව දත්ත අනුව 2024 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.1%ක වත්මන් පුරෝකථනයට වඩා මූල්‍ය හිඟය පුළුල් වනු Read More

2024 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය රජය හෙළිකරයි

2024 වසර සඳහා අපේක්ෂිත ආර්ථික වර්ධනය ලෙස 1.8%ක ප්‍රතිශතයක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙම වකවානුව තුළ ශක්තිමත් ආර්ථිකයක් පෝෂණය කිරීම සඳහා රජයේ ප්‍රමුඛතාව දෙන බවයි ඔහු අවධාරණය කළේ. මෙම පුළුල් අරමුණෙහි කොටසක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රගමනය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කිරීමට නියමිතයි. මීට අමතරව රජයේ සේවකයන්ගේ, Read More

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ. ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000ක්. අක්කර 40,000ක Read More

ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළදා මාළිගාවට හෝ වෙනත් ආයෝජනයකට යෙදවීමට සුදානම්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය. පසුගියදා Read More

t

o

p