පාවෙන වෙළඳ සංකීර්ණය ජපානයට

March 27, 2024

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි.

මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය නිසියාකාරව නඩත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ යන තේමාවෙන් පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමට නියමිත අතර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6ක්.

විදෙස් ආයෝජකයන් ඉලක්ක කරගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ වෙයි.

t

o

p