හයිද්‍රබාද් IPL ඉතිහාසය වෙනස් කරයි

March 28, 2024

IPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තරගයකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ හෙලීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ඊයේ (27) සමත් විය.

ඒ අනුව ඔවුන් මෙවර තරගාවලියේ 8 වන තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 3ක් දැවී ලකුණු 277ක් වාර්තා කරනලදි.

මීට පෙර එම වාර්තාව හිමි වූයේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමටයි.

2013 වසරේදී පූනේ වොරියර්ස් පිළට එරෙහිව ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබා ගත්තා.

t

o

p