ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට

April 3, 2024

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙම වසරේදී සියයට 2.2 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය කර ඇති අතර, එසේම ශ්‍රී ලංකාව මෙම වසරේදී ළඟ කර ගන්නා ආර්ථික වර්ධන වේගය තවත් වර්ධනය කර ගනිමින් ලබන වසරේදී සියයට 2.5 සීමාවට පැමිණෙනු ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙයි.

එසේම ශ්‍රී ලංකාව සිය නිල සංචිත ඉදිරියේදී තවත් වර්ධනය කර ගනු ඇති බවත් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ සංචාරකයන් ගෙන් ලැබෙන ආදායම ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති බවත් එම ලෝක බැංකු වාර්තාවේ සඳහන් වෙයි. .

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 2026 වසර තෙක් සියයට 22 සීමාවට වඩා ඉහළින් පවතිනු ඇති බවද ලෝක බැංකුව එම වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ.

t

o

p