සිංගප්පූරුවෙන් ගෙන්වන භාණ්ඩ රැසක බදු අඩු කෙරේ

March 31, 2024

නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද කිරි ආහාර හැර අනෙකුත් ළදරු ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර තිබේ.

t

o

p