ඊශ්‍රායලයෙන් සිරියාවට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

March 31, 2024

සිරියාවේ ඇලෙප්පෝ නගරය සහ ඒ ආසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (SANA) පවසයි.

ඒ හේතුවෙන් තිස් අට දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මියගිය පුද්ගලයින් අතරට ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් පස් දෙනෙකු ද ඇතුලත් බව විදෙස් පුවත් සේවා සදහන් කර තිබේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වූ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එක් අයෙකු ප්‍රාදේශීය ක්ෂේත්‍ර අණදෙන නිලධාරියෙකු බවද අනාවරණය විය.

t

o

p