කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 12,000 සීමාව පසුකරයි

April 11, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

2022 වසරේ පෙබරවාරි මස 21 වනදායින් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය පළමු වරට ඒකක 12,000 සේ සීමාව පසු කරගෙන ගිය පළමු අවස්ථාව මෙය වන බව සඳහන්.

අද දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 12,033.1ක් සහ පිරිවැටුම රුපියල් බිලියන 2.96ක් ලෙස සටහන් වී තිබේ.

S&P SL20 දර්ශකය ඒකක 33.81 කින් ඉහළ ගොස් ඒකක 3,580.64 ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් වී තිබේ.

t

o

p