පොදු ප්‍රවාහනයේදී ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වන්න

April 11, 2024

පොදු ප්‍රවාහනයේදී ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වීමට අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

අද (11) ස්වර්ණවාහිනී මුල්පිටුවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වෙළඳාමේ යෙදෙන කූඨ වෙළඳුන්ගෙන් ප්‍රවේසම්වීමට කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව, උත්සව සමයේ ජලාශවල දිය නෑමේ කටයුතුවලට යන පිරිස් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p