ලංගම දෛනික ආදායම මිලියන 25කින් වැඩිවෙයි

April 12, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 5 වැනිදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක් කරන ලදි.

මේ අතර ඊයේ දිනය තුළ අධිවේගී මාර්ගවල ආදායම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි.

t

o

p