ලොව මෙතෙක් දැක ඇති විශාලතම බැංකු වංචාවේ බිලියනපතිනියකට මරණ දඬුවම

April 12, 2024

ලොව මෙතෙක් දැක ඇති විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයක තීන්දුවක් වියට්නාමයේ අධිකරණය නිකුත් කර තිබේ.

ඒ අනුව 67 හැවිරිදි වියට්නාම දේපල සංවර්ධකයෙකුට ඊයේ(11) මරණ දණ්ඩනය නියම කරන ලද්දේ වසර 11 ක කාලයක් තුළ රටේ විශාලතම බැංකුවකට වංචා කිරීම සම්බන්ධයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ඉතා දුර්ලභ තීන්දුවක් ලෙසයි බොහෝදෙනා හඳුන්වයි.

Truong My Lan සයිගොන් බැංකුවෙන් ඩොලර් බිලියන 44ක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.

තීන්දුවට අනුව ඇය ඩොලර් බිලියන 27ක් ආපසු ලබා දිය යුතු අතර, නඩු පවරන්නන් පැවසුවේ කිසි විටෙකත් එය අයකර ගත නොහැකි බවයි.

t

o

p