රට විරු­වන්ගෙන් රු. කෝටි 29,000ක්

March 30, 2024

ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් සවි­මත් කිරීම සඳහා සුවි­ශේෂ දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ජන­වාරි සහ පෙබ­ර­වාරි මාස­ව­ලදී රුපි­යල් කෝටි 28,920ක (රුපි­යල් මිලි­යන 289,200/ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 964ක) මුද­ලක් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබේ.

ඒ අනුව මේ වසරේ ජන­වාරි මාසයේ ඩොලර් මිලි­යන 488ක් සහ පෙබ­ර­වාරි මාසයේ ඩොලර් මිලි­යන 476ක් වශ­යෙන් එම මුදල මෙර­ටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් පෙන්වා දෙයි.

මේ අතර පසු­ගිය 2023 වසරේ පෙබ­ර­වාරි මාසයේ මෙර­ටට ලැබී තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 407ට සාපේ­ක්ෂව මෙව­සරේ පෙබ­ර­වා­රි­යේදී ඩොලර් මිලි­යන 69ක (ආසන්න රුපි­යල් කෝටි 2,070ක) වර්ධ­න­යක් පෙන්නුම් කරන බවද ඒ වාර්තාව සඳ­හන් කරයි.

t

o

p