ඒඩ්ස් මඬින්න අලුත් ඇප් එකක්

March 30, 2024

මෙරට HIV ආසා­දි­ත­යන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රෙ­යන් ඉහළ යෑම සැල­කි­ල්ලට ගනි­මින් HIV සහ ලිංගා­ශ්‍රිත රෝග සම්බ­න්ධ­යෙන් යම් අව­දා­න­මක් ඇද්දැයි සොයා බැලී­මට ජාතික ඒඩ්ස් මර්දන වැඩ­ස­ට­හන විසින් KNOW 4 SURE නමින් නව ජංගම දුර­ක­තන යෙද­වු­මක් හඳුන්වා දී තිබේ.

2023 වස­රේදී HIV නව ආසා­දි­ත­යන් 695 දෙනකු හඳු­නා­ගෙන ඇති අතර, එය 2022 වස­රට සාපේ­ක්ෂව 14%ක වර්ධ­න­යක් බව ජාතික ඒඩ්ස් මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍යක්ෂ, ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය ජානකී විදා­න­ප­ති­රණ මහ­ත්මිය අනා­ව­ර­ණය කළාය. ලිංගි­කව සක්‍රිය වයසේ පසු වන අවු­රුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පිරිස් ඊට ගොදුරු වීමේ අව­දා­නම ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළාය.

t

o

p