වරාය නගරයට අදාල කැබිනට් තීරණයක්

March 27, 2024

Codegen innovations (private) limited ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීය ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෘදුකාංග, දත්ත විද්‍යාව, නිර්මාණකරණය සහ දෘඩාග යන අංශ වලින් තාක්ෂණික විසඳුම් ලබාදීමේ විශේෂඥතාවයක් දක්වන codeGen සමූහයේ අංශයක් වශයෙන් Codegen innovations(private) limited ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනු ලැබ ඇති සමාගමක් බව රජය කියයි.

එම සමාගම කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බලයලත් තැනැත්තකු වශයෙන් අනුමත කර ඇති අතර ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා එකී සමාගම විසින් ඉල්ලුම් කර තිබේ.

එම සමාගම ඇමරිකා ඩොලර් 500000ක මූලික ආයෝජනයක් සිදු කරමින් වසර පහක් වන විට ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 15ක් උපයා ගැනීමටත් එම කාලය ඇතුළත ආසන්න වශයෙන් රැකියා අවස්ථා 400 ක් නිර්මාණය කිරීමටත් සැලසුම් කර තිබෙන බව රජය කියයි.

එබැවින් 2023 අංක 2 දරණ කොළඹ වරාය නගරය ( ක්‍රමෝපය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග වල විධිවිධාන පරිදි එම සමාගම නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා පහසුකම් සපුරා තිබෙන බවද රජය කියයි.

ඒ අනුව කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ Codegen innovations(private) limited වෙත නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත් ඒ සඳහා වන නියමයන් ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

t

o

p