ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

March 27, 2024

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් (SME) නංවාලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු මිලියන 100ක ආධාර ලැබෙන බව ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම ණය මුදල ලබා ගැනීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර අත්සන් තැබීම කොළඹ මහා භාණ්ඩාගාරයේ දී සිදු විය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අත්සන් කර තිබේ.

එමෙන්ම ADB Sri Lanka Residence Mission හි ආර්ථික විද්‍යාඥ උත්සව් කුමාර් මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් අත්සන් කර ඇති බවයි සඳහන් වෙයි.

t

o

p