Business

කජු කර්මාන්තය අර්බුදයක

වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් කජු අලෙවි කරගැනීමට නොහැකිව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ අර්බුදයකට පත්ව සිටින බව පවසති. ශ්‍රී ලංකාවේ කජු අස්වැන්නෙන් වාර්ෂිකව මෙටට්‍රික්ටොන් 3000 කට වැඩි අස්වැන්නක් වනාතවිල්ලුවෙන් ලැබෙන බව ඔවුහු කියති. නිසි මිලක් නොමැති වීම නිසාත් ඒ සඳහා ගැනුම්කරුවන් නොමැති වීම නිසාත් තවමත් ගබඩා වල කජු මද ලක්ෂ 50 Read More

මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික කටයුතු ඇරබේ

මාලඹේ කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු ( Bore hole Testing  ) සිදු කෙරෙමින් පවතී. මේ අනුව ස්ථාන 200 ක් පරීක්ෂා කරන අතර එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන 5 ක් විසින් සිදු කරනු ලබයි. ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට Read More

උඩරට ධාවනයට චීනයෙන් නව දුම්රිය මැදිරි

චීනයෙන් ආනයනය කළ අති නවීන S-14 බලවේග කට්ටල දුම්රිය අද (13) කොළඹ වරායෙන් ගොඩබෑවේය. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10.3කි. එනම් රුපියල් මිලියන 1839.5කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන එයි. අති නවීන S-14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද Read More

විදුලිය සංවර්ධනයට රුසියාවේ සහාය

රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය යම්තාක් දුරකට Read More

සංචාරකයන්ගේ පැමිණිමේ වර්ධනයක්

පසුගිය ජූලි මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,704 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව 2019 වසරේ මුල් මාස 07 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 1,124,153 ක් ලෙසින් වාර්තා වේ. 2018 ජූලි මාසයේ දී මෙරටට 217,829 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබේ. එය Read More

ආනයනය කරන සියලු මත්පැන් වර්ග නව ස්ටිකරය නොමැතිව විකිණිම තහනම්

මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇත. ඒ අනුව මින් මතුවට මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් කෙරේ. මෙම විධිවිධාන අංක 2128/30 හා 2019 ජූනි මස 20 වන දින මුදල් Read More

අය වැයෙන් වැඩි කළ රුපියල් 2500 රාජ්‍ය සේවක වැටුපට අද සිට

අයවැයෙන් වැඩි කළ රු 2,500 අද සිට රාජ්‍ය සේවකයන් අතට පත් වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජනා කරන ලද රජයේ සේවකයන් සඳහා වූ රුපියල් 2,500 වැටුප් වැඩි කිරීම අද (25) සිට ක්‍රියාත්මක වේ. ලක්ෂ 11කට අධික රාජ්‍ය සේවකයන් පිරිසකට මෙම රුපියල් 2,500 දීමනාවක් ලෙස අද Read More

නැවතත් යුරෝපා රටවල් කිහිපයකට නිදහස් පැමිණිමේ සංචාරක වීසා

සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, කාම්බෝජය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත “පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර“ (On Arrival Visas) ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් Read More

නැවතත් සංචාරක හොදම ගමනාන්තය බවට පත්වීම යළි රට ගොඩ නැගීමට පිටුවහලක්

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත්, ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්ෂේත්‍රයේ ලොකු කුඩා සියළු පාර්ශවකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (03 වන දා) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පෙන්වා Read More

අතරමැදියන්ට හසු නොවන්න – ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ  නානායක්කාර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබද මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ Read More

t

o

p