පීපල්ස් ලීසිං කැලණිය ශාඛාව නව පරිශ්‍රයක විවෘත කරයි

September 8, 2020

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ කැලණිය ශාඛාව, ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ්‍රයක (අංක 950, නුවර පාර, හිඹුටුවැල්ගොඩ, දළුගම, කැලණිය) මහජන බැංකුව හා පීපල්ස් ලීසිං  සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි.

ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ඉහළයෑම මත එම ශාඛාව වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ්‍රයකට ගෙවැදීම සිදුවිය.

පීපල්ස් ලීිසිං කැලණිය නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි්‍ර ඊබ්‍රහිම්, හිටපු ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලයනල් ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන රොහාන් තෙන්නකෝන්, දමිත් මලවිතන්තිල, ලක්සඳ ගුණවර්ධන, ප්‍රභාත් ගුණසේන හා උදේශ් ගුණවර්ධන, ප්‍රධාන කළමනාකරුන්වන සමන් ලියනගේ, චමිල් හේරත්, වජිර රාමනායක හා පීපල්ස් ලීිසිං කැලණිය ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සමන්ත සෙනෙවිරත්න මහතා ඇතුළු ගනුදෙනුකරුවෝ රැසක් සහභාගී වූහ.

t

o

p