සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදාට

November 13, 2020

රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවැසීය.

2020 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, රට විශාල ණය උගුලක පැටලී, ණය සේවා පැහැරහරින රටක් වන බවට විපක්ෂය සහ ඔවුන්ට උපදෙස් දෙන දෙස් විදෙස් විශේෂඥයන් පුරෝකථනය කළ අදුරු චිත්‍රය වෙනුවට සිය රජය විදෙස් ණය ඇතුළු සියලු ණය ගෙවු බව අවධාරණය කළේය.

සියයට 6ක පමණ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගත් රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂය අඩුවන ප්‍රවණතාවයකට ලක්කර වසර 5ක් තුළ කලාපයේ අඩුම ආර්ථික වර්ධන වේගයවන, 2019 දි සියයට දෙකයි දශම තුනකට (2.3) පත්කිරීමට පසුගිය ආණ්ඩුව ක්‍රියා කිරීම කිසිසේත් සාධාරණීය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

t

o

p