කොරෝනා පොලිස් නිලධාරින් ගැන සොයා බලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 3 ක්

November 13, 2020

කොරෝනා අසාධිතව රෝහල්ගත කර සිටින හා රෝගීන්ගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වන පොලිස් නිලධාරින් ගැන සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පොලිස් නිලධාරින් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම උදෙසා මාර්ග බාධකවල රාජකාරී කරන නිලධාරීන්ට විශේෂිත ඇදුම්, උපකරණ හා මෙවලම් ලබාදී ඇතැයි ද ඒ මහතා කීවේය.

පොලිස් මාර්ග බාධකවල රාජකාරී කළ හා රථවාහන රාජකාරින් හි නිරත වූ පොලිස් නිලධාරින් කිසිවෙකුටත් කොරෝනා ආසාධනය වී නැතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

පොලිස් නිලධාරින් අතර කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය අංශ සමග එක්ව ක්‍රියා කිරීමත්, නිරෝධායනය වන පොලිස් නිලධාරින්ගේ සුබසාධන කටයුතු සොයා බැලීමත් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරිවරුන් තිදෙනො විසින් දෛනිකව කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

t

o

p