පමාවී “ලොක්ඩවුන්” කිරීමෙන් කෝවිඩ් 19 පැතිරෙන්නේ මෙහෙමයි

November 13, 2020

පමාවී “ලොක්ඩවුන්” කිරීමෙන් කෝවිඩ් 19 වෛරසය සමාජය ගිලගන්නා හැටි සරලව තේරුම් ගනිමු

පින්තූරය 1

සමාජයට රෝගීන් 6ක් ඇතුලුවුනා කියමු . (රතු)
දැන්මම ආශ්‍රිතයින් 24 (කහ)
දැන් ගම ලොක් ඩවුන් කර රතු අය රෝහලට කහ සියලුම අය නිරෝධායනයට  ගම  ලොක් ඩවුන් නිසා එහි ඇතුලතින් අලුතින් මතුවන අය සිටියොත් සෙවීම පහසුය.රෝගය පාලනය පහසුය.

පින්තූරය 2

ගම ලොක්ඩවුන් නොවුණොත්

මෙම පින්තූරයේ සිටින රතු අය අයින් කර රෝහලට ගෙන ගියත් කහ අය බහුතරය නිරෝධායනයට ගෙන ගියත් යන එන අය නිසා  පසු දිනක ඉතිරි හා අලුත් ආශ්‍රිතයින් (කහ)සමහරක් ඇතිවී ඒ අය රෝගීන් වෙලා (රතු).

දැන් ආශ්‍රිතයන් සෙවීම හා රෝගීන් රෝහල් වලට යැවීම අසීරු යි.රෝහල් පිරීගෙන  එයි තත්වය පාලනයෙන් මිදීමට ආසන්නයි.

ඒත් උත්සාහ කළ හැක.

පින්තූරය 3

තත්වය පාලනය අසීරු යි. ලොක් ඩවුන් කලත් ඉතිරි ටික කරන්න අසීරු යි.
විසඳුමක් නොපෙනේ. එකම විසඳුම එන්නතයි. එතෙක් බොහෝ අය රෝගයට බිලිවේවි අප දැනට 2 පිංතූරයේ ඉන්නෙ කියා සිතනවා.

බස්නාහිර පලාත දැනට ලොක් ඩවුන් නිසා උත්සාහය අසීරු වුණත් යමක් කළ හැකි බව පෙනෙනවා.
ඉතින් විසඳුම් සොයා ගැනීමත් අනික් පලාත් බේරා ගැනීමත් ,රටම බේරා ගැනීමත් පාලකයන්ට බාරයි.

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

t

o

p