විසර්ජන(2020) පනත් කෙටුම්පත සම්මත වෙයි

November 12, 2020

විසර්ජන(2020) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත විය:

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය. විපක්ෂය විසින් සිය විරුද්ධත්වය සටහන් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

දෙවැනිවර කියවීම සඳහා ඡන්දය පැවැත්වීමක් සිදු නොවූ අතර දෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීම සිදු විය. ඉන් අනතුරුව තෙවැනිවර කියවා බලා පනත් කෙටුම්පත සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය. එයට ද ඡන්ද විමසීමක් සිදු නොවුණි.

t

o

p