වසර 60කට පසු ආසියාවේ ආර්ථික අවපාතයක්

September 20, 2020

ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ ඉදිරි කාලයේදී අවපාතයකට මුහුණ දෙනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව පවසයි.

දශක හයකට පසු ආසියාවේ ඇති වූ ආර්ථික අවපාතය මෙය බව සඳහන් වේ. එම තත්ත්වය ආසියාවේ රටවල් 45කට ආසන්න සංඛ්‍යාවක දැකිය හැකි වනු ඇති බවද සඳහන් වේ.

ආසියාවේ ආර්ථික සංවර්ධනය 0.7% කින් පමණ හැකිළී යනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ආසියා සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළෙන් මේ කරුණු අනාවරණය විණි.

t

o

p