ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළිත් කොරෝනා

September 20, 2020

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි.

ඉකුත් මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිිකාර සදහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පී සී ආර් පරීක්‍ෂණ 3 ක් සිදුකර ඇති අතර තුන් වන පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛසරය ආසාදිතයයෙකු නොවන බවට තහවුරු වී ඇත.

t

o

p