මංතීරු නීතිය අද සිට අකුරට

September 21, 2020

මංතීරු නීතිය අද සිට අකුරට ක්‍රියාත්මකයි. පෙරවරු 06 සිට 9 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ මංතීරු නීතිය පිළිපැදීම අනිවාර්ය කාරණයක් බවයි පොලිසිය පැවැසුවේ.

මංතීරු නීිතිය උල්ලංඝනය කරන රියදුරන්ගෙන් රුපියල් 2000 ක් ස්ථානීය දඩයක් අය කිරීමට පොලිසියට බලය පැවැරී තිඛෙනවා.

එමෙන්ම බරපතල වරදක් සිදුවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවන බවයි පොලිසිය පැවැසුවේ.

රථවාහන තදබදය හා අනතුරු අවමකර ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේක‍ෂාවයි.

t

o

p