ප්‍රදේශ රැසකට තද වැසි – නායයාමේ අනතුරු ඇගවීම්

September 21, 2020

කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවැසුවේ ගෙවුණු පැය 24 ක කාලය තුළද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම අනතුරු ඇගවීම නිකුත් කළ බවයි.

කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල හදුනාගෙන ඇති අවදානම් කලාපවල ජනතාව මෙම අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටද ආපදා අංශ පියවර ගෙන ඇත.

t

o

p