මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී

September 20, 2020

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ සංඝරාජ මාවතේ  පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැස තිබේ.  

එමෙන්ම එය, අසළ වූ නිවසක් මතට පතිත වීම හේතුවෙන් ඊට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තාවේ.

පොලිසිය සඳහන් කළේ මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසිමකට ලක්ව තිබෙන බවයි. 

 එම ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැටීමෙන් ඊට යටවූ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු ගෙන් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා. 

t

o

p