Trace City ව්‍යාපෘතිය නැවත ප්‍රතිනිර්මාණයට සාකච්ඡා

November 19, 2020

එක් කාණ්ඩයකට සීමා නොවී රටෙහි සියලු දෙනාට පරිහරණය කළ හැකි රටෙහි ආර්ථික ක්‍රියාවලියට සෘජු දායකත්වයක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් වන Trace City ව්‍යාපෘතිය (TEC) නැවත ප්‍රතිනිර්මාණය හා සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක්  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිපුණතා පියසේදි පැවැත්විය.  

එහිදී  ආර්ථික මට්ටම් නොසලකා ග්‍රාමීය ජනතාවටද  ප්‍රතිලාභ බෙදීයන ආකාරයට ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම මූලික අරමුණ ලෙස ගනිමින් එය සිය අමාත්‍යංශයේ වගකීමක් ලෙස සළකා පූර්ණ සහයෝගය ලබාදෙන බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරීය යටතේ පවතින කොළඹ පිහිටි ඉඩමක ව්‍යාපෘතිය සිදුකෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා අදාළ මූල්‍ය දායකත්වය ලබාගත යුතු අකාරය පිළිබඳවද අමාත්‍යතුමිය විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදුනි.  

මෙම සාකච්ඡාව සඳහා  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්  පද්මා රාජපක්ෂ මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ (UDA)නිළධාරීන් ඇතුලු නිළධාරීන් රැසක් සහභාගී වූහ.

t

o

p