අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක් පාර්ලිමේන්තුවේදී

November 19, 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා විශේෂ බෝධිපූජාමය පිංකමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

 පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තු බෞද්ධ සංගමය විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග  එක්ව මෙය සංවිධානය කෙරිණි.

 මරදාන බෞද්ධායතනාධිපති පූජ්‍ය ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කොට  අග්‍රාමාත්‍යතුමාට සෙත් පැතීම සිදු කෙරිණි.

 මහින්ද රාජපක්ෂ මැතිතුමා 2004 වසරේ අගමැතිව සිටි සමයේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ එතුමා විසින් රෝපණය කළ බෝධීන් වහන්සේ අභියස සිට මෙම බෝධිපූජාමය පිංකම පැවැත්වීම ද විශේෂත්වයකි.

 මැතිඇමතිවරු, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p