නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ගන්නා අයට දැනුම් දීමක්

November 19, 2020

නිවෙස්ගතව සිටින නිදන්ගත රෝග විශේෂයෙන් දියවැඩියාව, පිළිකා රෝග, හෘදයාබාධ රෝග සදහා ප්‍රතිකාර ගන්නා වයස්ගත පාර්ශවයන්ට යම්කිසි රෝග අවධානමේ වැඩිවීමක් පෙන්නුම් කරයි නම් හැකි ඉක්මණින් රෝහල් ගත කිරීමට පියවර ගන්නැයි එම නිවෙස්වල සිටින අනෙක් අයවළුන්ගෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනු ලැබේ.

රෝගය උත්සන්නවන තුරු නිවසේ රැදී නොසිට හදිසි ගිලන් රථ සේවාවන්ට දැනුම් දී එම රෝගීන් රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත.

  මේවන විට වාර්තාවූ බොහෝ කොවිඩ් මරණ, යම් රෝගයක සංකූලතා අනුව සිදු වූ මරණ බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සදහන් කර තිබේ.   

එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කරන ලෙසත් ඊයේ (18) දිනයවන විට මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 69ක් වූ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.  

t

o

p