කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.
බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5 ක් වන අතර මේ වනවිට එරටින් වාර්තා වී ඇති වෛසර ආසාදිතයන්ගේ ගණන 540,000 කි. අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුවට කලාපයේ අනෙක් සෞඛ්‍ය අමාත්‍යවරුද ඊට සම්බන්ධ වූහ.
සායනිකව තහවුරු කර සංවර්ධනය කෙරෙන නව කොරෝනා වෛරස එන්නත බෙල්ජියමේ ජනගහනයෙන් 70% කට එනම් මිලියන අටකට ආසන්න ජනතාවකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව ද මෙම සමුළුව අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බෙල්ජියමෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වෛසර ආසාදිත මරණ ගණන 14,000 ඉක්මවයි.