හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් අස්වූයේ කැමැත්තෙන්

November 19, 2020

හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අස්වූයේ සිය කැමැත්තෙන් බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මාධ්‍ය ප්‍රකාශක වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔහුට දන්වා සිටියේ නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පත් වන තුරු වන තුරු කෙටි කාලයකට පමණක් බවත් නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පත් වූ බව ඔහු ට දන්වා සිටී විට ඉතා කැමැත්තෙන් ඔහු ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් අමාත්‍යවරිය පැවසුවාය

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්  මන්ත්‍රීවරිය කියාසිටියේ ඔහුට උසස්වීමක් ලැබ පරිසර අමාත්‍යංශයට ගියද තවමත් COVID-19 රැස්වීම් සඳහා ඔහු සහභාගි වන බවයි.

මෙම වාචික ප්‍රශ්න සඳහා ඉදිරිපත් වෙමින් හේෂා විතාන ගරු මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉතා සාධනීය ලෙස පළමු රැල්ල මර්දනය කිරීමට මෙම රජය සමත් වුවත් පළමු රැල්ලේ සිටි ඇතැම් නිලධාරීන් මේවන විට  නොමැතිවීම ප්‍රශ්නකාරී බවයි .එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ ඉවත්වීමට කිසියම් ආකාරයකින් ඔහු කළ ප්‍රකාශයක් හේතු වීද ,ඒ ප්‍රකාශය නිසා ඇමතිතුමිය ඔහුට ඉවත් වන්නටයි කියා සිටියා ද යන්න මෙහිදී ඔහු  විමසා සිටියේය. එමෙන්ම ඊයේ අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කළ මුදල් ප්‍රමාණවත් ද යන්නත් මෙහිදී මන්ත්‍රීවරයා ඇමතිනියගෙන් විමසා සිටියේය .

උද්ගත මෙම තත්ත්වය  ගෝලීය වසංගතය තත්ත්වයක් බවත් ලෝකෙ කවුරුත් නොදන්නා වෛරසය ගැන ආරම්භයේ දී ගත් ක්‍රියාමාර්ග දැන් වෙනස් වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ හැර අන් කිසිවක් අනුගමනය නොකරන බවද  අද වන විට මුළු රටම වසා දමන උපදේශන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා නොදෙන බවත්  ඇමතිනිය කියා සිටියාය .ඇය තවදුරටත් අවධාරණය කළේ තවත් අවුරුදු තුනහමාරක පමණ කාලයක් අප මේ වෛරසය  සමඟ ජීවත් වීමට පුරුදු විය යුතු බවයි .

අද (18 දින) පාර්ලිමේන්තුවේදී පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ වාචික ප්‍රශ්න වටයේදී ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ගරු චමින්ද විජේසිරි මහතා ප්‍රථම කොවිඩ් 19 රෝගියා වාර්තා වූ දිනය කවදාද  විමසූ විට  2020.01.27 ලෙස පිළිතුරු ලැබිණි.

මෙහිදී චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීවරයා විමසා සිටියේ මෙම ප්‍රථම රෝගියා වාර්තා වීමත් සමඟම වෛරසය රටට  ඇතුළු වීම සම්බන්ධයෙන් කිනම් ආණ්ඩුවක් විසින් වගකීම දැරිය යුතු ද යන්නයි .තමන්ට නිවැරදිව ඒ ප්‍රශ්නය නොවැටහෙන බව සඳහන් කළ අමාත්‍යතුමිය මේ ගෝලීය වසංගත තත්ත්වයක් බවත් මෙය සියලු දේශපාලන නායකයන්ගේ වගකීමක් විය යුතු බවත් විශේෂයෙන් සඳහන් කළාය .

ඊට අමතරව , එතැන් පටන් අද දක්වා වෙන් වෙන් වශයෙන් වාර්තාගත රෝගීන් සංඛ්‍යාව  කවරේද  සහ  දෛනිකව සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව කොපමණද යන්න සඳහා පිළිතුරු සභාගත කෙරිණි. අවසන් ප්‍රශ්නය ලෙස විමසූ Covid-19 මර්දනය සදහා ගෙන ඇති පියවර යන ප්‍රශ්නයටද පිළිතුරු  සභාගත කෙරුණු අතර  එම පිළිතුර සැකෙවින් මෙසේ දැක්විය හැකිය .

1. වසංගත රෝග අංශය විසින් COVID-19 19 ආසාදිත රෝගීන් කළමනාකරණය පිළිබඳව අතුරු සාරාංශ මාර්ගෝපදේශ 2020.01.26 දින ප්‍රකාශනය කිරීම.

2.කොවිඩ් වසංගතයේ ගෝලීය සහ දේශීය තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාදීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය   2020.01.28 සිට නිල තත්ත්ව වාර්තාවක් නිකුත් කිරීම 

3.කොව්ඩ්- 19 හා සම්බන්ධ කරුණු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්මන්ත්‍රණ සහ වැඩමුළු දෛනිකව පැවැත්වීම 

4.චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපළේ දී සම්පූර්ණ කළ යුතු සෞඛ්‍ය ප්‍රකාශන ආකෘති පත්‍රයක් ද 2020 ජනවාරි අවසානයේ දී සකස් කිරීම සහ ඔවුන්ගේ පසු විපරම් පිණිස අදාළ ප්‍රාදේශීය ආයතන වෙත එම ආකෘතිපත්‍ර යොමු කිරීම 

5.දියතලාව හමුදා කඳවුරු වෙත චීනයේ අතරමං ව සිට ගෙන්වා ගනු ලැබූ සිසුන් යොමු කිරීම, එවන් නිරෝධායනය මධ්‍යස්ථානය පිහුටුවීම සදහා මෙවැනි අනුග්‍රහ ලබාදීම

6.සියලු සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල කැදවා නිරෝධායනය, ආවේක්ෂණය, සත්කාර, හුදකලාකරණය සම්බන්ධව පුහුණුව 

7.අසාදිත පුද්ගලයින් ගෙනයාම සඳහා සුවසැරිය ගිලන්‍ රථ සේවය යොදාගැනීම 

8.කොවිඩ් කළමනාකරණය සඳහා රෝහල් 24 තෝරා ගැනීම සහ පසුව එය 39 දක්වා වැඩි කිරීම 

9.පැය 24 හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයක් වසංගත රෝග විද්‍යා අංශයේ ස්ථාපිත කිරීම, වසංගත රෝග විද්‍යා අංශයේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අත්හිටුවීම, එහි කාර්යමණ්ඩල ධාරිතාව පුළුල් කිරීම 

10.කොවිඩ් -19 හඳුනාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණායතනය මෙන්ම නුවර, කරාපිටිය සහ අනුරාධපුරය ශික්ෂණ රෝහල් ද වෙනත් රෝහල් ද රාජ්‍ය විශ්වවිද්‍යාල ද දායක වීම 

11.යාවත්කාලීන සෞඛ්‍ය තොරතුරු සැපයීම සහ සාමාන්‍ය මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරු වළක්වාලීම 

12.පුළුල් ලෙස සම්බන්ධතා පැවැත්වූවත් හඹායාම සහ එමඟින් දින 14 නිරෝධායනය සහ පොකුරු පාලනය 

13.KOVID 19 රෝග ලක්ෂණ නොපැවතියද රෝගීන් ඇසුරු කර තිබූ පුද්ගලයින් දින දාහතරක් නිරෝධායනය අනිවාර්ය කිරීම 

14.මෙරට අන්තර් ජාතික අන්තර්ජාතික ගුවන් තොටුපළ දෙකෙහිම PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව ඉහළ නැංවීම 

15.රටපුරා නගරයන්හි අධි අවදානම් කණ්ඩායම් හඳුනාගැනීම සහ   එම ස්ථානයේදීම PCR   පරීක්ෂණ සිදු කිරීම

16.මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවකයෙක් ආසාදිතයෙක් ලෙස 2020 ඔක්තෝබර් 04 හදුනාගැනීම සහ පසුව එම ආයතනයේ රෝගී සේවකයින් PCR සඳහා යොමු කිරීම 

17.පෑලියගොඩ මාළු වෙළඳපල ආශ්‍රිත පොකුර හඳුනා ගැනීම සහ PCR පරීක්ෂණ සිදු කිරීම, එම පරීක්ෂණ වෙනත් දිස්ත්‍රික්ක වලටද යොමු කිරීම 

18.උග්‍ර අවදානම් ස්ථාන ඉලක්ක කර ගනිමින් අහඹු ප්‍රජා නියැදි ලබා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම 

19.වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වසංගත වේදී ක්‍රමෝපායන් සහ සැලසුම් අනුගමනයට ආයතන සහ ආරක්ෂක හමුදා නිලධාරීන් තව දුරටත් දැනුවත් කිරීම 

20.කොවිඩ් 19 පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා ආසාදිත රෝගීන් ගේ රෝග ඉතිහාසය ලබා ගැනීම ලබාගැනීම අඛණ්ඩව සිදු කිරීම සහ ඔවුන්ව නිරෝධායනය කිරීම 

21.කොවිඩ් 19 රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා අමතර රෝහල් සහ හඳුනාගැනීම, 11.09 දිනට හඳුනාගෙන ඇති මුළු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 52 කි.

t

o

p