ආබාධ සහිත පුද්ගලයින්ට වෘත්තීය නිපුණතා සඳහා ප්‍රවේශයක් ලබාදීමට පියවර

November 18, 2020

  NVQ අවසාන තක්සේරුව අතරතුර ආබාධිත වෘත්තීය අපේක්ෂකයින් හට සහාය වීම සඳහා අන්තර්කරණිය වර්ධනය උදෙසා කුසලතා වැඩසටහන (S4IG) සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) රජයේ චක්‍රලේඛ සහ මෙවලම්  කට්ටලයක් දියත් කිරීමට සූදානම් වෙයි.

            ආබාධිත පුද්ගලයින්ට නිසි වෘත්තීය හා තාක්ෂණික පුහුණුව ලබා දීමෙන් වෘත්තීය ක්ශේත්‍රයට ලබා දිය හැකි ධනාත්මක දායකත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිපුණතා සංවර්ධනය, පිළිගැනීම සහ සේවා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය  අමාත්‍යාංශයේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) ආබාධිත පුද්ගලයින්ගේ කුසලතා වර්ධනය කිරීම සහ සහයවීම වෙනුවෙන් (S4IG) සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.

මෙම වැඩසටහන යටතේ ඇති එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වූයේ ජාතික වෘත්තීය සුදුසුකම්  (NVQ) ඇගයීම් හරහා යා යුතු ආබාධ සහිත අපේක්ෂකයින් සඳහා ඔවුන්ගේ පහසුව වෙනුවෙන් ජාතික මෙවලම් කට්ටලයක් සංවර්ධනය කිරීමයි.

ජාතික මෙවලම් කට්ටලය එළිදැක්වීම 2020 නොවැම්බර් 17 වන දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සීතා අරඹේපොල මැතිනිය ප්‍රධානත්වයෙන් පැවැත්වෙණි.

මෙම වැඩසටහන සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ ලේකම් පද්මා රාජපක්ෂ මැතිනියගේ විශේෂ දේශනයක් ද, ඉන්පසු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු සහකාර මහ කොමසාරිස් අමන්ඩා ජුවෙල්ගේ ප්‍රධාන දේශනය ද ඇතුළත් විය.

” රැකියා වෙනස්වීම් හා බැඳුණු නිපුණතා සංවර්ධන ක්‍රමයේ නියැලී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ සමෘද්ධිය මෙම වෙනස්කම් මගින් සහතික කෙරේ. අතීතයේ දී ආබාධිත පුද්ගලයෙකුට බොහෝ විට නිපුණතා සංවර්ධන සේවාවන්ට ප්‍රවේශ වීමට නොහැකි විය.

එසේ නැතහොත් ඔවුන්ගේ කුසලතා තක්සේරු කිරීමට හෝ පිළිගැනීමට ලක්ව තිබුනේ ශ්‍රම වෙළඳපොලේ ලාභදායී රැකියාවක් සඳහා සේවා යෝජකයන්ට ඔවුන්ගේ කැමැත්ත සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ය.

TVEC විසින් හඳුන්වා දී ඇති මෙම වෙනස්කම් මගින් බාධක ඉවත් කරන අතර කුසලතා හඳුනා  ගැනීම තුළින් ආබාධිත පුද්ගලයින්ට  උපකාර කිරීම සඳහා පුහුණු සපයන්නන්ට සහ තක්සේරුකරුවන්ට සහාය වේ. ” යනුවෙන්  යෝජිත දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ S4IG හි කණ්ඩායම් නායක ඩේවිඩ් ඇබ්ලෙට් මහතා සඳහන් කළේය.

ආබාධිත පුද්ගලයින්ට නිපුණතා සංවර්ධනයට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමට අවශ්‍ය මෙවලම් සහ අනාගත සේවා යෝජකයින්ට ප්‍රදර්ශනය කිරීම සඳහා ඔවුන්ගේ කුසලතා පිළිගැනීම ලබා ගත හැකි අතර ඒවා ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම්ය. 

මෙම මෙවලම් තුළින්  ‘ සාධාරණ ගැලපීම්’ යථාර්ථයක් බවට පත් කරන අතර කර්මාන්තය විසින් තීරණය කරනු ලබන වෘත්තීය අවශ්‍යතා ඉටු කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සහ කුසලතා ප්‍රගුණ කිරීම කෙරෙහි දැන් අවධානය යොමු කර ඇති තක්සේරුකරණ පද්ධතියක් නිර්මාණය කරයි.

රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මෙවලම් සකස් කිරීම සඳහා TVEC සමඟ එක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. මෙම ආධාරයෙන් සකස් කරන ලද මාර්ගෝපදේශ හා මෙවලම් වඩා හොඳ කුසලතා සංවර්ධන සේවා සඳහා පාර්ශවකරුවන් අතර වැඩි සංවාදයක් හා විවාදයක් ඇති කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ” යනුවෙන්ද S4IG හි කණ්ඩායම් නායක ඩේවිඩ් ඇබ්ලෙට් මහතා වැඩිදුරටත් අදහස් දක්වනු ලැබීය.

S4IG නිපුණතා  සංවර්ධන, වෘත්තීය පුහුණු, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ සහ ඉහළම ආයතනයේ සහාය ඇතිව TVEC විසින් NVQ තක්සේරුකරුවන්ට සහය දැක්වීම සඳහා නිර්මාණය කර ඇති මෙම පරිශීලක – හිතකාමී මෙවලම් කට්ටලය හඳුන්වා දෙනු ඇත.

ආබාධිත වර්ග අනුව පුළුල් පරාසයක දෘශ්‍ය හා ප්‍රායෝගික උදාහරණ සැපයීම. මෙම වැඩපිළිවෙල මඟින් ආබාධිත පුද්ගලයින්ට ආරථිකමය වශයෙන්  ඵලදායී රැකියා පොරොන්දුවක් සමඟ රටේ ආර්ථික කටයුතුවල නිරත වීමට සහාය වනු ඇත.

TVEC අංශයේ ආබාධිත පුද්ගලයින් සඳහා සාධාරණ ගැලපීම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙවලම් කට්ටලය සහ TVET සංවර්ධනය කිරීම සඳහා S4IG දරන උත්සාහය අගය කිරීමට අමාත්‍යාංශය කැමතියි  ” යැයිද  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් පද්මා රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.

“TVEC“   විසින් මෑතකදී නිකුත් කරන ලද ප්‍රතිපත්ති, ප්‍රධාන ධාරාවේ වෘත්තීය පුහුණු ආයතන තුළ ආබාධිත පුද්ගලයින්   පුහුණු කිරීම පැහැදිලිවම ප්‍රවර්ධනය කරන අතර ආබාධිත විශේෂිත TVET වැඩසටහන් NVQ රාමුවට පරිවර්තනය  කිරීමට සහ ඒකාබද්ධ කිරීමට සහාය වේ.

NVQ පුහුණු පාඨමාලා සඳහා ආබාධිත පුද්ගලයින්ගේ සහභාගීත්වය   තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, ආබාධිත අපේක්ෂකයින් සඳහා NVQ තක්සේරුකරණයේ   සාධාරණ ගැලපීම්  සැපයීම පිළිබඳ මාර්ගෝපදේශ සපයන නව චක්‍රලේඛයක්  TVEC විසින් අනුමත කර ඇත.

තක්සේරු කිරීම සඳහා නම්‍යශීලී  හා සාධාරණ ප්‍රවේශයන් අනුගමනය කිරීම අරමුණු කරන්නේ ආබාධිත අපේක්ෂකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම, සුදුසුකම්වල නිපුණතා මට්ටමට පටහැනි නොවී ය. පුහුණු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සහ තක්සේරුකරුවන් මෙම නව මෙවලම් කට්ටලය භාවිතා කිරීමට අපේක්ෂා කරන අතර ආබාධ සහිත පුද්ගලයින්ට පුහුණුව සමඟ සම්බන්ධ වීමට දිරිගැන්වීම සහ ඇගයීම් සඳහා විශ්වාසයෙන් යුතුව පෙනී සිටියි.

TVET පද්ධතියට ආබාධිත පුද්ගලයින් ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සහ විශේෂයෙන් මෙම වටිනා මෙවලම් කට්ටලය සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබා දීම පිළිබඳව S4IG ස්තුතිය පළකරමින් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අධ්‍යක්ෂ ජනරාල් ජනක ජයලත් මහතා  ප්‍රකාශ කළේය.

ගැලපීම් පිළිබඳ ප්‍රායෝගික හා දෘශ්‍ය උදාහරණ ලබා දීමෙන් සාධාරණ ගැලපීම්වලට අදාළව මෑතකදී සම්මත කරගත් චක්‍රලේඛය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට මෙවලම් කට්ටලය සහාය වනු ඇත.

t

o

p