බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට?

November 16, 2020

ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තායතනයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇත.

ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිවරිය මොහොමඩ් චෞකෙයාර් මහතා හමු වී කළ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකුද වන මොහොමඩ් චෞකෙයාර් මහතා, අනාගත ආයෝජන සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි අයෙකු ලෙස පිළිගැනේ.

ලොව පුරා ඉතා සාර්ථක චොකලට් කර්මාන්තයක් පවත්වාගෙන යන සභාපති චෞකෙයාර් මහතා, හැරෝඩ්ස් සමාගමෙහි සැපයුම්කරුවෙකු වන අතර, ලොව පුරා අලෙවිසැල් 1000 කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන සිටී. ඔහු දකුණු ආසියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ අතර, ආසියාවේ චොකලට් පරිභෝජනය පිළිබඳව සාකච්ඡා කළේය. ඔහු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළ අතර, තම වාණිජ මණ්ඩලය සහ තානාපතිවරිය අතර පසු විපරම් රැස්වීම් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

t

o

p