මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළට

November 17, 2020

ඒ , ඊයේ දිනයේ නව ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව පෑලියගොඩ සහ දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 කි.

වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5810 ක්.

කොරොනා ආසාදිතයින් 311 දෙනෙකු ඊයේ සුවය ලැබුවා.

ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11806 කි

මෙරටින් වාර්තාවන කොරොනා මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

t

o

p