මෙරට කොවිඩ් ආසාදිතයන් 17000 ඉක්මවයි

November 16, 2020

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,286 ක් දක්වා ඉහළ ගොස් ඇත.    නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ (15) හඳුනා ගැනීමත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.  

ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය.   ඒ අනුව පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇත.  

කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගොස් ඇත .  

t

o

p