Lanka News Page

හිස්බුල්ලා ත්‍රස්ත නායකයා මරුට

ඊශ්‍ර්‍රායල් හමුදා ප්‍රහාරයකින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා මරණයට පත්ව තිබේ. ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ (27) පස්වරුවේ සිට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, හිස්බුල්ලා නායකයා මිය ගොස් ඇත්තේ එම ගුවන් ප්‍රහාර අතරතුරයි. එම ප්‍රහාරවලින් තවත් 6 දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු තුවාල ලබා තිබේ.

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (28) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකිය. දකුණු පළාතේත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති Read More

කමිදු ලකුණු 150 සීමාව පසු කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි. ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ Read More

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) දින සවස විවෘත කර ඇති බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව මේ වන විට ජලය පිට කිරීම විදුලි උත්පාදනයේදී පිට කරන ජල පරිමාවද සමඟ තත්පරයට ඝන මීටර් 108 ක් කුඩා ගඟට මුුුදා හැරෙන බවයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය Read More

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගය ලබන 29 වනදා තවකාලිකව වසයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ බොක්කුවක ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය 2024-09-29 දින උදෑසන 8.30සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කරයි. මෙම දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන කාල සීමාව තුල විකල්ප මාර්ග කරන ලෙස මහජනතාවට දැනුම්දෙයි.

අධික වර්ෂාවෙන් මාතර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවේ

මාතර දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා. කිරමආර පිටාර ගැලීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ දෙයියන්දර, මාකඳුර, මුලටියන, කඹුරුපිටිය සහ හක්මන යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. අකුරැස්ස සිට ගොඩපිටිය දෙසට ගමන් කරන සියළුම වාහනකරුවන් මෙන්ම පස්ගොඩ, ඌරුබොක්ක, පෝරතොට, මාකඳුර ආදී ප්‍රදේශයන්ට ගමනාගමනය Read More

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී යුධ හමුදා ධජයන්ට සෙත් පතයි

ශ්‍රී ලංකා යුධ හමුදාවේ හැත්තෑ පස් (75) වන සංවත්සර සැමරුමට සමගාමිව යුධ හමුදාවේ සියලු ධජයන් වෙත සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද (27)පෙරවරුවේ සිදු කළේය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන විහාරස්ථාන නා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය කටයුත්ත Read More

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ක පමණ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුරය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල Read More

අද (27) සිට ඇරඹෙන පොත් මංගල්‍ය

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (27) දින පෙරවරු 9.00ට විවෘත කරයි. එය ලබන ඔක්තෝබර් (06) දින දක්වා දින11කාලයක් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වැනි වරටයි.

කමිඳු මෙන්ඩිස්ගෙන් වාර්තාවක්

මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ කමිදු මෙන්ඩිස් අද (26) සමත් විය. ඒ, නවසීලන්ත කණ්ඩායම සමග අද පැවැති ටෙස්ට් තරගයේ අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමගය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පාකිස්ථාන කණ්ඩායමේ සවුද් ශකීල්ය.

t

o

p