ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී යුධ හමුදා ධජයන්ට සෙත් පතයි

September 27, 2024

ශ්‍රී ලංකා යුධ හමුදාවේ හැත්තෑ පස් (75) වන සංවත්සර සැමරුමට සමගාමිව යුධ හමුදාවේ සියලු ධජයන් වෙත සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද (27)පෙරවරුවේ සිදු කළේය.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන විහාරස්ථාන නා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කළහ.

ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් සියලු ධජයන් රැගත් පෙරහැර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පහළ මළුවෙහි තෙවරක් පැද කුණු කිරීමෙන් අනතුරුව ධජයන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තැන්පත් කර ආශිර්වාද සිදු කෙරිණ.

පසුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් සියලු ධජයන් වෙත ආශිර්වාද ගැන්වීම සිදු කළේය.

t

o

p