අධික වර්ෂාවෙන් මාතර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවේ

September 27, 2024

මාතර දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

කිරමආර පිටාර ගැලීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ දෙයියන්දර, මාකඳුර, මුලටියන, කඹුරුපිටිය සහ හක්මන යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

අකුරැස්ස සිට ගොඩපිටිය දෙසට ගමන් කරන සියළුම වාහනකරුවන් මෙන්ම පස්ගොඩ, ඌරුබොක්ක, පෝරතොට, මාකඳුර ආදී ප්‍රදේශයන්ට ගමනාගමනය කරන සියලුම මගී ප්‍රවාහනයන් ඇණහිට තිබෙනවා .

මේ අතර බුත්තල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් බුත්තල නගරයද ජලයෙන් යටව පැවති බවයි වාර්තා වන්නේ .

t

o

p