Local News

මුස්ලිම් ජනතාව අද හජ් උත්සවය සමරයි

සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුගමනය කරන මුස්ලිම් ජනතාව අද(17) ඊද්උල්අල්හා හෙවත් හජ් උත්සවය සමරයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙයි.එම උත්සවය සැමරෙන්නේ, අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් ය. කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම Read More

මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම ගැන මන්ත්‍රී රිෂාඩ්ගෙන් ජනපතිට පැසසුම්

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරන බව අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනලදි. මඩු පල්ලිය මාර්ගයේ මාර්ග බාධක ගැටළුව විසඳීම ඇතුළු ගැටළු විසඳමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා Read More

විගණන වාර්තාවකින් හෙළි වුණ කෞතුකාගාරයේ පාඩුව

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි 9ක පමණ පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වෙයි. මෙම පාඩුව සිදුව ඇත්තේ කොන්ත්‍රාත්කරුට පවරා තිබූ එම ඉදිකිරීම් කොන්තාත්තුව දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අවලංගු කර වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් බවත් එහි දැක්වෙයි. ගිනි නිවන Read More

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වෙයි. ඒ අනුව කොළඹ කොටුව සිට – බදුල්ල බලා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති අතර බදුල්ල සිට කොටුව Read More

දුමිවැටි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරුබදු නොමැතිව මෙරටට ආනයනය කරන ලද රජයේ රූපමය අවවාද නොමැති රුපියල් ලක්ෂ දෙකක පමන වටිනාකමින් යුතු Manchester වර්ගයේ දුමිවැටි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය කහවත්ත නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි Read More

ලෝක පියවරුන්ගේ දිනය අදයි

ලෝක පියවරුන්ගේ දිනය අදට (16) යෙදී තිබේ. අපගේ පළමු ආදරය වන, අපගේ ජීවිතයේ අවසාන වීරයා වන, නිශ්ශබ්දතාවයෙන් ශක්තිය උගන්වන ආදරණීය පියෙකුගේ වටිනාකමට මිලක් නියම කළ නොහැකි නිසාවෙන් ලොව පුරා සිටින පියවරුන් සැමරීම වෙනුවෙන් සෑම වසරකම ජුනි මස තුන්වන ඉරිදා දිනය ඒ සඳහා වෙන් කර ඇති බව සඳහන්. පවුලක් එක් කරන, පවුලේ කොඳු නාරටිය වන පියවරුන් Read More

දකුණු අප්‍රිකානු නව ජනපති සිරිල් රමපෝසා

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස සිරිල් රමපෝසා යළි තේරී පත් විය. පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය හා විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී ගිවිසුමකින් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්ව තිබේ. ඔහුගේ ජයග්‍රාහී කතාවේදී රමෆෝසා මහතා නව සන්ධානයට ප්‍රශංසා කළ අතර රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්‍රියා කිරීමට හා එකට වැඩ Read More

“හරිත දුම්රිය ස්ථාන” වැඩ­ස­ට­හනේ පළමු තැන ඇල්ලට

මධ්‍යම පරි­සර අධි­කා­රිය ක්‍රියා­ත්මක කළ “හරිත දුම්රිය ස්ථාන” වැඩ­ස­ට­හනේ ජය­ග්‍රා­හ­ක­යන්ට සම්මාන, සහ­තික පත්‍ර සහ ත්‍යාග පිරි­නැ­මීම “ජගත් පරි­සර දින” ජාතික උත්ස­වයේ දී සිදු­කෙ­රිණි. හරිත දුම්රිය ස්ථාන වැඩ­ස­ට­හනේ දී දුම්රිය ස්ථාන හරි­ත­ක­ර­ණය කළ හැක්කේ කෙසේද යන්න පිළි­බ­ඳව ශ්‍රී ලංකාවේ දුම්රිය කලාප තුන වන කොළඹ, අනු­රා­ධ­පුර සහ නාව­ල­පි­ටිය දුම්රිය කලාප ආව­ර­ණය වන පරිදි විශේ­ෂ­ඥ­යන්ගේ දාය­ක­ත්වය ලබා­ග­නි­මින් වැඩ­මුළු Read More

විදෙස් ශ්‍රමිකයින්ට ජපානයේ ස්ථිර පදිංචිය

විදෙස් ශ්‍රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය ලබා දීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණි. නව පනත මගින් සංක්‍රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. වසර තුනක් Read More

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට

2020/2021 ගුරු විද්‍යාල අවසාන විභාගයේ සහ උපාධිධාරින් නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. මෙම විභාග සඳහා අයදුම්කරුවන් 1335ක් පෙනී සිටී බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ ප්‍රතිඵල එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කළ හැකියි.

t

o

p