මුස්ලිම් ජනතාව අද හජ් උත්සවය සමරයි

June 17, 2024

සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුගමනය කරන මුස්ලිම් ජනතාව අද(17) ඊද්උල්අල්හා හෙවත් හජ් උත්සවය සමරයි.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙයි.එම උත්සවය සැමරෙන්නේ, අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් ය.

කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම හජ් උත්සවය වෙනුවෙන් අද උදෑසන ආගමික වතාවත් සිදුකිරීමට නියමිතයි. කොළඹ මුස්ලිම් මහ පල්ලියේ හා දවටගහ ජුම්මා පල්ලියේද ඊට සමගාමීව ආගමික වතාවත් සිදුකෙරෙනු ඇති.

t

o

p