අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන මංගල සමුළුව අද කොළඹදී

June 17, 2024

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව අද(17) කොළඹදී ආරම්භ වෙයි.

එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරනු ලබයි.

ලොව පුරා රටවල් 15 ක තෙත්බිම් උද්‍යාන 70 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 100 දෙනෙකු මෙම සහමුළුව සඳහා සහභාගි වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පැවසුවේ, ඉන්දියාව නියෝජනය කරමින් නියෝජිතයින් 6 දෙනෙක්, කොරියාව නියෝජනය කරමින් නියෝජිතයින් 18 ක්, චීනය නියෝජනය කරමින් 11 ක්, පිලිපීනය නියෝජනය කරමින් නියෝජිතයින් 7 ක් සහ මියන්මාරය එක්සත් රාජධානිය, මොන්ගෝලියාව, ජර්මනිය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනා බැගින් ද නේපාලය, නවසීලන්තය නියෝජනය කරමින් නියෝජිතයින් තුන් දෙනා බැගින් ද සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින බවයි.

මීට අමතරව මැලේසියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය නියෝජනය කරමින්ද නියෝජිතයින් තිදෙනෙකු සමුළුවට සහභාගී වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තෙත්බිම් උද්‍යාන නියෝජිතයින් 05 දෙනෙක් සහභාගි වීමට නියමිත බවයි.

එම නියෝජිතයින් ලබන 20 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටද නියමිතව තිබේ.

එදින රැම්සා කලාපීය මධ්‍යස්ථානය සහ දියසරු තෙත්බිම් උද්‍යානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් දියසරු තෙත්බිම් උද්‍යානය ලංකාවේ තෙත්බිම් මධ්‍යස්ථානවල කේන්ද්‍රීය තෙත්බිම් මධ්‍යස්ථානය ලෙස ප්‍රකාශයට පත් කිරීම ද සිදු වෙයි.

t

o

p