නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු දුම්වැටි  සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

June 17, 2024

නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ දුම්වැටි  එක්ලක්ෂ විසිදහක් සැකකරුවන් තිදෙනෙකු සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 16 වන දින වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහි දී මෙරටට හිමි විය යුතු විාශාල තීරු බදු මුදලක් අහිමි කරමින් කෝටි දෙකකට ආසන්න වෙලදපොළ වටිනාකමක් ඇති විවිධ වර්ගයේ නීති විරෝධී සිගරැට් එක්ලක්ෂ විසිදහක් හොර රහසේ ඉතා සූක්ෂමව මෙරටට ගෙන්වා දිවයින පුරා බෙදාහැරීමට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි මාලිගාවත්ත සහ කොළඹ 10 ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 32 – 45 අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p