දුමිවැටි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

June 16, 2024

තීරුබදු නොමැතිව මෙරටට ආනයනය කරන ලද රජයේ රූපමය අවවාද නොමැති රුපියල් ලක්ෂ දෙකක පමන වටිනාකමින් යුතු Manchester වර්ගයේ දුමිවැටි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය කහවත්ත නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් කහවත්ත කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එන්.ඩි. මොල්ලිගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බලංගොඩ පොලිස් වසමේ අංක 483, දෙනිගස්තලාව, බලංගොඩ ලිපිනයේ පිහිටි වෙළඳසැල තුල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තිරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ලක්ෂ දෙකක පමන වටිනාකමකින් යුතු Manchester වර්ගයේ දුමිවැටි අලෙවි කරමින් සිටි බලංගොඩ, දෙනිගස්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 පුද්ගලයෙකු Manchester දුමිවැටි 1,760 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බලංගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p