උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

June 16, 2024

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව කොළඹ කොටුව සිට – බදුල්ල බලා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති අතර බදුල්ල සිට කොටුව බලා ධාවනය වන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.

බස්රථ මගින් එම දුම්රිය ස්ථාන දෙක අතර මගීන් හුවමාරු කිරීමට කටයුතු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

t

o

p