ලෝක පියවරුන්ගේ දිනය අදයි

June 16, 2024

ලෝක පියවරුන්ගේ දිනය අදට (16) යෙදී තිබේ.

අපගේ පළමු ආදරය වන, අපගේ ජීවිතයේ අවසාන වීරයා වන, නිශ්ශබ්දතාවයෙන් ශක්තිය උගන්වන ආදරණීය පියෙකුගේ වටිනාකමට මිලක් නියම කළ නොහැකි නිසාවෙන් ලොව පුරා සිටින පියවරුන් සැමරීම වෙනුවෙන් සෑම වසරකම ජුනි මස තුන්වන ඉරිදා දිනය ඒ සඳහා වෙන් කර ඇති බව සඳහන්.

පවුලක් එක් කරන, පවුලේ කොඳු නාරටිය වන පියවරුන් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය ඇගයීම වස්, පියවරුන් වෙනුවෙන් මෙම දිනය නම් කර ඇති තිබේ.

එමෙන්ම පියවරුන්ට ඇති ගෞරවය, ආදරය ප්‍රකාශ කිරීමට සහ තම ජීවිතයේ පියාගේ චරිතය අගය කිරීමට ද මෙම දිනය යොදා ගැනීම විශේෂත්වයක්.

රටවල් 70ක් පමණ අද දිනයේ ලෝක පියවරුන්ගේ දිනය සමරනු ලැබුව ද විවිධ හේතූන් මත වෙනත් රටවල් පියවරුන්ගේ දිනය සැමරීම සඳහා වෙනත් දින නම් කර තිබේ.

ලෝක පියවරුන්ගේ දිනය සැමරීමේ ආරම්භය වසර ගණනාවකට දිව යන්නක්.

Sonora Louise Smart Dodd උපත ලැබුවේ 1882 වසරේ දීයි. ඇය අමෙරිකානු සිවිල් යුද්ධයේ ප්‍රවීණයෙකු වූ William Jackson Smart ගේ දියණිය වනවා. Sonora Louise ගේ මව ඇයට වයස අවුරුදු 16 දී මිය යන අතර සිය පියා සහ සහෝදරයන් පස්දෙනා විසින් ඇය ඇති දැඩි කිරීම සිදු කර තිබේ.

එක් දිනක දී මව්වරුන්ගේ දිනය ගැන පල්ලියේ දේශනාවක් අසා සිටීමේ දී පියවරුන්ගේ දිනය කිසිවෙකුත් සැමරීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් Sonoraගේ අවදානය යොමුව ඇති බව සඳහන්.

ඒ අනුව ලොව පුරා සිටින පියවරුන්ට ගෞරව කිරීම සඳහා තම පියාගේ උපන්දිනය වන ජුනි 5 පියවරුන්ගේ දිනය ලෙස Sonora Louise නම් කරන අතර එම සැමරුම වොෂිංටන් ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වී තිබේ.

අනතුරුව ජනාධිපති Lyndon Johnson 1966 දී ආරම්භ වූ පියවරුන්ගේ දිනය ජුනි මාසයේ තුන්වන ඉරිදා සමරනු ලැබූ අතර 1972 දී ජනාධිපති Richard Nixon ජුනි මාසයේ තුන්වන ඉරිදා පියවරුන්ගේ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ජනාධිපති ප්‍රකාශයකට අත්සන් තැබීම සිදු කර ඇති බව සඳහන්.

එදින සිට වසර ගණනාවක් පුරා ලෝක පියවරුන්ගේ දිනය වෙනත් රටවල ද සැමරීම සිදුකරනු ලබයි.

t

o

p