විදෙස් ශ්‍රමිකයින්ට ජපානයේ ස්ථිර පදිංචිය

June 15, 2024

විදෙස් ශ්‍රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය ලබා දීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණි.

නව පනත මගින් සංක්‍රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වසර තුනක් ඇතුළත නිශ්චිත පුහුණු සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදෙස් සීමාවාසිකයින් පුහුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

හෙද සත්කාර, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය වැනි ශ්‍රම ඌනතා පවතින ක්ෂේත්‍ර රැසක් සඳහා මේ යටතේ, විදෙස් ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතයි.

t

o

p