Local News

ගෙළ සිරකර දියණිය මරා ගගට දැමු පාපතර මව අල්ලයි

පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දියණිය ඝාතණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. තමන් විසින් දියණිය ඝාතණය කර කලා ඔයට දැමු බවට ඊයේ(03) ඇය පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි. ඒ අනුව දියණිය සෙවීමේ කටයුතු පොලීස් සහ නාවික හමුදා නිලධාරීන් විසින් කලා ඔයේ ඕලුමඩු ප්‍රදේශයෙන් ආරම්භ කෙළ්ය. කෙසේ වෙතත් මෙතෙක් දියණියගේ මළ සිරුර Read More

ජාතික ආණ්ඩුව හදන්නේ රට ගොඩනගන්න බව ඇමති කිරිඇල්ල කියයි

  ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්ය භාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණිනින් බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද  උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා  ප්‍රකාශ කළේය. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙසේද කීය. සංවර්ධන ක්‍රියාවලිය Read More

ජාතික ආණ්ඩුට තමා විරුද්ධ බව ජනපති පවසයි

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා  අද(04) ප්‍රකාශ කළේය. කොළඹ ගාලුමුවදොර දී පැවැති 71 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපනය 21 වැනි සියවසට Read More

හිටපු අගවිනිසුරුට ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි නිකුත් කළේය. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්  චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ Read More

මිලියන 1080ක හෙරොයින් සමඟ 5ක් අත්අඩංගුවට

රුපියල් මිලියන 1080කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 90ක සමග විදේශිකයින් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙක් අද (22) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර ඇමරිකන් ජාතිකයින් දෙදෙනෙක්, ඇෆ්ගනිස්තානු ජාතිකයෙකු හා හික්කඩුවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වේ කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීරණයක දී මේ හෙරෝයින් තොගය හා සැකකරුවන් අත් අඩංගුවට පත්විය.

ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධනය වෙනුවෙන් කැනේඩියානු සහ ප්‍රංශ රජයේ සහය

වසර 2020 වනවිට ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම මූලික අරමුණ කරගනිමින්, ප්‍රංශ සහ කැනේඩියානු තානාපතිවරුන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිණි.   විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (21) මෙම හමුව පැවති අතර මේ සදහා ප්‍රංශ තානාපති Eric Lavertu මහතා සහ Read More

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව කථානායකට පිළිගන්වයි

පාර්ලිමේන්තුවේ දී 2018 නොවැම්බර් 14 ,15, 18 ඇති වූ සිද්ධින් පිළිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කතානායකවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (22) කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී. මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා,අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ මන්ත්‍රී මවෙයි සේනාධිරාජා යන මහත්වරු එක් වූහ.

අගැමති රනිල් රත්නපුරේදී ‍කොටු කර ගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කෙරේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ අභිනව වෛද්‍ය පීඨය  විවෘත කිරීම  සඳඳහා පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ පිරිස කොටුකර රඳවා තබා ගැනීමට සබරගමුව විශ්ව වද්‍යාලයේ ශිෂ්‍යයන් සුළු පිරිසක් ගත් උත්සාහය අද (17) ව්‍යර්ථ කරනු ලැබීය. සබරගමු සරසවි සිසුන් සුළු පිරිසක් විසින් ගත් උත්සාහයන් ව්‍යර්ථකරමින් අග‍්‍රමාත්‍යවරයා රතනපුරයේ උත්සවවලට සහභාගිවීමෙන් අනතුරුව කුරුවිට නගරයෙන් කොළඹ බලා පිටත්ව ගියේය. රත්නපුර මහ රෝහල ශික්‍ෂණ Read More

බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම පිළිබදව සොයන්න විශේෂ පරීක්ෂණයක් ; සඳුදාට පෙර වාර්තාවත් ඉල්ලයි

මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (2019.01.21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ. 2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු Read More

අගමැති රනිල්ට රාහුල් ගාන්ධි සුභ පතයි

ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති ශ්‍රී රාහුල් ගාන්ධි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වී රාජකාරි ආරම්භ කිරීම  පිළිබඳව සතුටුව සුභ පැතුම් පණිවිඩයක් එවා තිබේ. එම සුභ පැතුම් පණිවිඩය පහත දැක්වේ. “ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වශයෙන් එම ධූරයේ නැවතත් රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව ඔබතුමාට මාගේ සුභාශිංසන පිරිනමමි. නොබෝදා Read More

t

o

p